18+ (TV Series)NewsTV seriesඅපරාධ (TV Series)රහස් පරීක්ෂක (TV Series)වාර්තාමය (TV Series)සත්‍ය කතා (TV Series)

පැබ්ලෝ එස්කොබාර් : Narcos සීමාවෙන් එහා

කාගෙත් අවධානයට සහ ඉහල ජනප්‍රියත්වයකට පාත්‍ර වුණු TV Series එකක් තමයි Narcos කියලා කියන්නේ. Narcos ඇවිල්ලා Netflix කතා මාලාවක්. මේකෙ Season 3 ක් තියෙනවා. මේකට පාදක වෙන්නේ Columbia කියන රටේ මහා පරිමාණයෙන් වෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාර වල ඉපදීම, නැගීම් සහ බැසීම් පිළිබඳව. මීට පස්සෙ Netflix ගෙනාපු Narcos Series එක තමයි Narcos : Mexico කියන Series එක. කොහොමවුණත් අපි දැන් කතා කරන්නෙ පළවෙනි එක ගැන. ඒකෙ පෙන්නපු දේවල් ගැන නෙමෙයි. නොපෙන්නපු දේවල් ගැන. විශේෂයෙන්ම Narcos බලපු අපේ උදවිය වැඩිපුර ආදරේ කලේ ඒකෙ හිටපු ප්‍රති වීර චරිතයට. නමින් කිවුවොත් “පැබ්ලෝ එස්කොබාර්” ට. අපි මේ සූදානම් වෙන්නේ ඔහුගේ පවුල ගැන සහ ඒ වටාපිටාව ගැන හඳුනාගනිමු.

පැබ්ලෝ එස්කොබාර් ගෙ පවුලේ පබ්ලෝ එක්ක ප්‍රධාන සාමාජිකයන් පස් දෙනෙක් අපට දකින්න පුලුවන්. පැබ්ලෝ ගෙ අම්මා, බිරිඳ, දුව සහ පුතා. පල්ලෙහායින් මම දාන්නෙ ඒ අයගෙ නම් සමගින් Pablo ගේ පවුල් ගහ. පැබ්ලෝ එස්කොබාර් ඉපදෙන්නෙ 1949 අවුරුද්දෙදී. මිය යන්නේ 1993 අවුරුද්දෙදී. ඔහු මිය යන කොට වයස 44 යි. ඔහුගේ බිරිඳ Maria Victoria Henao. ඇය තවමත් ජීවතුන් අතර. ඇය සහ පැබ්ලෝ අතරේ වයස් පරතරය අවුරුදු 12 ක්. ඇය පැබ්ලෝව සමගින් විවාහ වෙන්නේ 1976 දී. එතකොට ඇයට අවුරුදු 15 යි වෙන්නේ.

පැබ්ලෝ එස්කොබාර්

“ඔහුගේ නපුරු සිනහව නිසයි මම ඔහුට ආදරේ කලේ. ඒ වගේම ඔහු ශ්‍රේෂ්ඨ ආදරවන්තයෙක් වුණා. මිනිස්සුන්ට උදවු කරන්න ඔහු තුල තිබ්බ ආසාවට මම ආදරේ කලා. ඔහු මා එක්ක දුප්පතුන්ට ඉස්කෝල හදන්න ඔහු වෙන් කරගෙන තිබුණු තැන් වලට ගියා. ආරම්භයේ ඉඳලම ඔහු හොඳ මහත්මයෙක්” පැබ්ලෝගෙ බිරිඳ පසු කාලීනව මාධ්‍යයට අදහස් දක්වමින් එහෙම කියනවා.

ඇත්තටම ඇය තවමත් පැබ්ලෝ ගැන දරන්නෙ ඒ මතයමයි. ඒකෙන් අපට කියාදෙන එක දෙයක් තමයි පැබ්ලෝ ඇයට මහත් සේ ආදරය කල බව සහ ඇය ඊට නොදෙවෙනි ලෙස ආදරය කල බව.

මාරියා වික්ටෝරියා

පැබ්ලෝගෙ පියා ගොවියෙක්. මව පාඨශාලා ගුරුවරියක්. පැබ්ලෝගේ සම්පූර්ණ නම වෙන්නේ ” පැබ්ලෝ එමීලියෝ එස්කොබාර් ගවීරියා” කියන නම. පැබ්ලෝ මුලින් සාමාන්‍ය දරුවෙක්. ඔහු විශ්ව විද්‍යාල වරම් පවා ලබනවා. ඒ අනුව ඔහු ඉගෙන ගත්තේ Autonomous Latin American University කියන විශ්ව විද්‍යාලයෙන්. ඒක තිබ්බෙ මෙඩිලින් වල. හැබැයි පැබ්ලෝ උපාධිය ගන්නැතුව එලියට ආව කියලයි සඳහන් වෙන්නේ.

ඊට පස්සෙ පොර එක එක දේවල් කරනවා. හැබැයි ටික ටික අපරාධ පැත්තට තමයි යන්නෙ ඩයල් එක. මුලින් හොරට සිගරට් විකුණන්න ගන්නවා. ඇයි බොරු ලොතරැයි ටිකට් විකුණනවා. වාහන උස්සලා විකුණනවා. ඕව තමයි මූලින්ම මිනිහා කරන්නේ.

ඔහොම ඉන්න පොර 1970 දී තමයි කොකේන් ව්‍යාපාරයට අත ගහන්නේ. පොරගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.

එකක් තමයි කොලොම්බියාවේ අභ්‍යන්තරව කරන කොකේන් ව්‍යාපාරයට වඩා මිනිහ අවධානය යොමු කලේ ජාත්‍යන්තරව මේ ව්‍යාපාරය කරන්න.

දෙවැනි එක තමයි අර ලංකාවේ කසිප්පු හදනවා වගේ තත්වෙක තිබ්බ කොකේන් ව්‍යාපාරය පොර තමයි විද්‍යාඥයො සහ විද්‍යාත්මක ක්‍රම භාවිත කරලා, ඒ වගේම ඒ වෙනුවෙන් කොලොම්බියාවේ ඝණ වනාන්තර ඇතුලේ මහා පරිමාණ විද්‍යාගාර හදලා වඩා පිරිසිදු සහ ශුද්ධ කොකේන් නිර්මාණය කිරීම අරමුණු කරගෙන පටන් ගත්තේ.

70 දශකයේ ආරම්භ වෙච්ච මේ ව්‍යාපාරය 80 දශකය වෙද්දී අතු ඉති විහිදලා පැතිරිලා ගිහිල්ලා තිබ්බා. කොටින්ම කිවුවොත් ඒ වෙනකොට ඇමරිකාවේ මුලු කොකේන් වලින් 80% ක දායකත්වය දුන්නේ පැබ්ලෝ ගේ “මෙඩිලීන් කාටලය”.

මොකක්ද මේ “කාටලය” කියන වචනය..? කාටලයට ඉංග්‍රීසි තේරුම එන්නේ මෙන්න මේ විදිහට.

“An association of manufacturers or suppliers with the purpose of maintaining prices at a high level and restricting competition.

example : “the Colombian drug cartels”

ඒ අමතර කරුණක්. 80 වෙනකොට පැබ්ලෝගේ ව්‍යාපාරය එහි හිනිපෙත්තටම නැග්ගා. Narcos එකේ සල්ලි වල දාන එකෙන්ම පේනවනේ.

හරි ඒ කතාව එහෙම තියලා.අපි පැබ්ලෝගේ අම්මා ගැන කතා කරමු. ඇය හර්මිල්ඩා. ඇයගේ මුණුපුරා, ජුආන් මෑතකදී කිවුව හැටියට ඇය සහ පැබ්ලෝගේ බිරිඳ, මාරියා අතර තිබ්බේ එතරම් හොඳ සම්බන්ධයක් නෙමෙයි. ඒක Narcos ටෙලි මාලාවේ පෙන්නනවටත් වඩා දරුණු පැති වලට ගිහිල්ලා තිබුණා. ඒ වගේම ඇය කිසි විටෙක පැබ්ලෝගේ වැරැද්දක් දුටුවේ නැහැ. පැබ්ලෝගේ බිරිඳ මාරියා පැබ්ලෝගේ අඩු පාඩු දුටුවත්, එවිට හර්මිල්ඩාගේ විවේචනයට පාත්‍ර වුණේ ඇයගේ ලේලියමයි. ඒ කියන්නෙ ඇය සිය පුතාව සිය දහස් ගුණයකින් විශ්වාස කරපු එක් ආකාරයකට සෙනෙහෙබර සහ අනිත් ආකාරයකට අඥාන මවක්.

හර්මිල්ඩා : පැබ්ලෝගේ මව

ජුආන් කියපු මේ කථාව සනාථ වෙන්නේ, පැබ්ලෝගේ මරණයෙන් පස්සේ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා කොලොම්බියාවෙන් පිට වෙන නමුත්, හර්මිල්ඩා ඔවුන් සමග රටින් පිට නොවීමෙන් සහ ඇය ඇගේ ජීවිතය අවසාන වෙනකම්ම කොලොම්බියාවේම රැඳී සිටීමෙන්.

– මහේල හෙට්ටිආරච්චි –

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි