නාට්‍යමය (Movies)වෙනත් (Movies)

සවන් පිනවූ රේඩියෝ සන්නාමය

Kaatrin Mozhi Tamil Movie Review ( Spoiler Alert)

කාලය කෙතරම් නපුරු ද……???

දින, සති, මාස ගෙවී ගොස් මාර්තු මාසයේ අගභාගය දක්වා අප පැමිණ ඇත. මාර්තු මාසය අවසන් වීමත් සමඟම 2019 වසරින් 1/4 ක් ගෙවී අවසන් වෙනවා. කව්රු කොහොම කිව්වත් කාලය තරම් චණ්ඩියෙකු අප දැක තිබෙනවා ද කියා මට සැක සහිතයි. කොතරම් වේගයෙන් කාලය ගලා යනවා ද කියාවත් වටහා ගත හැකි දැනුමකින් අපගේ බුද්ධිය සන්නද්ධ නොවේ. මේ ගෙවන කෙටි කාලසීමාව තුළ දී තමන්ට රිසි රක්ෂාවක නියැලෙන්නට ඉඩ හසර ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද? එවන් ආත්ම විශ්වාසයකින් යුතුවන්නේ කීයෙන් කීදෙනාද?

Kaatrin Mozhi චිත්‍රපටයේ දර්ශනයක්
Kaatrin Mozhi චිත්‍රපටය…….
එවන් ධෛර්යමත් කාන්තාවක් පිළිබඳව ඔබට ඇසෙන චිත්‍රපටය යි “Kaatrin Mozhi” දමිළ චිත්‍රපටිය. භාරත සිනමා නිර්මාණයක් වන “Tumhaari Sulu” හි ප්‍රතිනිර්මාණය ක් වන මෙම චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා අමුතුම රසාස්වාදය කින් පුරවා දමන අතර චිත්‍රපටය නැරඹීමට ගතවන කාලය නොදැනීම ගතවන්නේ කතාව තුළ දක්නට ලැබෙන මායාකාරී බවද පසක් කරවමිනි.
………………………………………………………….
විජයලක්ෂ්මි බාලක්‍රිශ්නන් ව හඳුනා ගනිමු……
මධ්‍යම පාන්තික පවුලක් වටා ගෙතුණු මෙම කතාව තුළ ප්‍රධාන චරිතය වන්නේ විජයලක්ෂ්මි බාලක්‍රිශ්නන්ය. කුඩා අවධියේ විෂය සමගාමී කටයුතු සඳහා එතරම් සාර්ථක බවක් අත්පත් කරනොගත් ඇය විෂය භාහිර ක්‍රියාකාරකම් සඳහා විශේෂ ඇල්මක් දැක්වීය. ඒ නිසාවෙන් ම අදටත් සිය සහෝදරියන් දෙදෙනා ගේ හා පියාගේ නිරන්තර උසුළු විසුළු වලට ඇය ලක් වන්නීය. ගෘහණියක ලෙස කටයුතු කරන ඇය හමුවීමට පැමිණෙන සහෝදරිය න් දෙපළ සිය කුඩා සොයුරිය ට උදව් කරනවා ට වඩා ඇයගේ අඩුපාඩු හුවා දැක්වීම නිසාවෙන් ම ඔවුන් අතර නිරන්තරයෙන් නොහොඳ නෝක්කාඩු ස්වරයන් හි අඩුවක් නොවීය.
තමන් මුහුණ දෙන ජීවිතයට සතුටින් මුහුණ දීමට ඇය දැන් හුරුවී හමාරය. මේ අතරතුර දී ඇය හට රේඩියෝ නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කිරීම ට අවස්ථා ව උදාවේ. මුලදී මෙය ඇය බලාපොරොත්තු වූ පරිදි සුන්දර අභියෝග යක් වූවද අවසානයේ එය ඇයගේ සුන්දර වූ පවුල් ජීවිතයට කණ කොකා හැඬවීමට හේතුවක් බවට පෙරළෙන්නේය.
Kaatrin Mozhi චිත්‍රපටයේ දර්ශනයක්
එහෙත් මේ සියල්ල සඳහා ඇය උපේක්ෂා සහගත සිතින් මුහුණ දෙන්නේ ය. තමන් ආසක්ත වූ යමක නියැළීමේ ඒකායන අභිලාෂය පෙරදැරිව ඇය කටයුතු කරන්නී ය. තමන් සතුව පවතින සුන්දර වූද, හුරුබුහුටි වූද වාග් විලාශය භාවිතා කර සිත් තැවුලට පත් රසික සිත් සැනසීම ට ඇය සමත් වන්නීය. සිය සැමියාගෙන් එල්ල වන විරෝධය ඇය බිඳකුදු නොතකන්නේ ය. සිය දරුවා සමඟ ගතකළ හැකි කාලය කැප කරන්නීය. මේ සියල්ල තමන්ගේ වෘත්තීය ජීවිතය වෙනුවෙනි. සිය දයාබර පවුලේ සාමාජිකයන් ගේ ආදරය ට හා ගෞරවයට පාත්‍ර නොවූ ඇය රේඩියෝ නාලිකාව තුල සේවය නියැලෙන පුද්ගලයින් ගේ නිරන්තර ආදරයට හා ගෞරවයට පාත්‍ර වෙන්නේ ය. එහෙත් දෛවය ඇයට පක්ෂපාතී වන්නේ කෙටි කාලසීමාවක ට පමණි. සිය දයාබර සැමියා සහ දරුවා නිසාවෙන් ම ඇයට මේ වෘත්තීය දිවිය ට තිත තැබීමට සිදුවේ. එහෙත් වාසනාව ඇය අභියස ම රැඳී සිටින්නට තීරණය කරන්නේ ජීවිතය කෙතරම් සුන්දර ද යැයි අපහට පෙන්වා දෙමිනි. විජයලක්ෂ්මී ගේ  පෞද්ගලික ජීවිතය හා වෘත්තීය ජීවිතය එක හා සමානව සමබරව පවත්වාගෙන යාමේ සිහිනය අවසානයේ සාර්ථක වන්නේ ය.
Kaatrin Mozhi චිත්‍රපටයේ පෝස්ටරයක්
සුන්දර අභියෝග පිරි ජීවිතය………
ජීවිතය විඳින්නට මඟ හසර කියාදෙන මෙම චිත්‍රපටය හරහා කාන්තාවකගේ සිහින දැකීම හා එම සිහිනය සැබෑ කර ගැනීමට යුහුසුලු වන්නා වූ ආකාරය මනා ලෙස ඉදිරිපත් කරයි. ප්‍රධාන නිළිය වන ජෝතිකා ගේ  රංගන හැකියාව චිත්‍රපටය විචිත්‍රවත් වීමටත් රසික පැසසුමට ලක් වීමට ත් ප්‍රධාන වශයෙන් ම දායක වී ඇත.  ස්ත්‍රී කේන්ද්‍රීය චිත්‍රපටය ක් ලෙස ප්‍රේක්ෂකයා වෙත තිළිණ වන මෙම චිත්‍රපටය තුළින් අධ්‍යක්ෂකවරයා ගේ වෑයම සාර්ථක වී ඇති බව ප්‍රකාශ කළ යුතුමය.
📻📻📻📻📻📻📻📻📻📻📻📻📻
අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.
Kaatrin Mozhi දමිළ චිත්‍රපටිය ඇසුරිනි.
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි