වාර්තාමය (Movies)වෙනත් (Movies)සත්‍ය කතා (Movies)

ඇමරිකානු යුධ ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලම – ඉරාක ආක්‍රමණය

Shock and Awe English Movie Review

 

2019 මාර්තු මාසය ට  (මාර්තු 20 දිනට) ඇමරිකාව විසින් දියත් කළ ඉරාක ආක්‍රමණයට වසර 16ක්  සම්පූර්ණ විය.

Shock and Awe චිත්‍රපටය තුළ කතාබහ ට ලක් කෙරෙන්නේ ඇමරිකානු රජය ට ගැතිවූ ජනමාධ්‍ය ( පුවත්පත් හා රූපවාහිනි නාලිකා) අතරින් සැබෑ සත්‍යය ජනතාවට තිළිණ කිරීමේ උත්සාහයක යෙදෙනු ලබන Knight Ridder  (නයිට් රිඩර්) නම් පුවත්පත් සමාගම ක් පිළිබඳව යි. ඇමරිකානු රජය ඉරාකය ආක්‍රමණය කිරීමේ පරමාර්ථය ඇතිව ඉරාකය තුළ න්‍යෂ්ටික අවි ආයුධ ඇති බවට ලෝකයට බොරු ප්‍රවෘත්ති ලබා දී ඒවා සිය ජනමාධ්‍ය මගින් සත්‍ය බවට ජනතාව ට හා ලෝකයට ඒත්තු ගැන්වූ බවට Knight Ridder ආයතනය සිය රජයට චෝදනා එල්ල කරනු ලැබුවේ කිසිදු බියකින් තොරව යි.

Shock and Awe චිත්‍රපටයේ දර්ශනයක්

2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු වලට හා පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසය තුළ කිසිවෙකු ට හෝ අමතක නොවන සිදුවීමක්. ඊට වසර 2 කට පසුව ඉරාකය තුළ ජන ඝාතක අවි ඇති බවට චෝදනා එල්ල කරමින් ඇමරිකානු රජය ඉරාකය ආක්‍රමණය කිරීමට තීරණය කළේය. මේ අනුව ඉරාකය තුළ න්‍යෂ්ටික අවි ආයුධ ඇති බවට තොරතුරු වාර්තා ලැබී ඇති බවට ඇමරිකාව ලෝකය හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

මුදල් බලය හමුවේ ප්‍රවෘත්ති වාර්තාකරණය…

” ප්‍රවෘත්ති යනු ලාභ ලබන මාධ්‍යයක් වූ කල්හි ප්‍රවෘත්ති සඳහා ප්‍රවේශ වීමට ඇති හැකියාව මූල්‍යමය බලය වේ. ”

සෑම මාධ්‍යවේදියෙකු හටම විශ්වාසවන්ත තොරතුරු ලබා ගැනීමට සහ ඒවා තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය වේ. මන්ද යත් ඔවුන් ඉදිරිපත් කරනු ලබන තොරතුරු හා මූලාශ්‍රයන් පිළිබඳ ව පොදු මහජනතාව ප්‍රශ්න නගනු ඇත. ඔවුන් වාර්තා කළ යුත්තේ අපක්ෂපාතී වයි.

” ඔයාලා දෙන්නම දක්ෂ මාධ්‍යවේදීන් කියලා මම පිළිගන්නවා. ඒත් අපේ ජනතාවට ඇත්ත දැනගන්න අයිතියක් තියෙනවා. ”

Shock and Awe චිත්‍රපටයේ දර්ශනයක්

” ඇමරිකාවේ ඉරාක ආක්‍රමණය තුළ සිදුවිය හැකි සිදුවීම් 2කි. එකක් නම් ඇමරිකානු හමුදාව ඉරාකය තුළ වසර ගණනාවක් පුරාවට යුද්ධ කරමින් ඉරාකය තුළ සිරවී ඉරාකය ට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබා දීමේ අනවරත උත්සාහයක නිරත වීමයි. අනෙක නම් ඉරාක ආක්‍රමණය නිසාවෙන් එරට තුල සිවිල් යුද්ධයක් ඇති වී එය දශක ගණනාවක් පුරාවට පැතිර යන ජනවාර්ගික යුද්ධය ක් බවට පත් වීමයි. ”

ඉහත සිදුවීම් 2න් ම පහර කෑමට සිදුවන්නේ පොදු මහජනතාව ටයි. ඉරාකය තුළ නම් අහිංසක මිනිසුන් ගේ ජීවිතයන් නිකරුණේ විනාශ වනු ඇත. ඇමරිකානු රජය ගතහොත් ඔවුන්ගේ අත්තනෝමතික තීරණ හේතු කොට ගෙන සිය ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන්නේ ඇමරිකානු සොල්දාදුවන් හටයි.

ඉරාකය හා මුස්ලිම් ලෝකය…..

වසර 1400 කට පෙර මුහම්මද් නබි තුමා ගේ මරණයෙන් අනතුරුව මුස්ලිම් ජනතාව සිය පාලකයා වෙනුවෙන් ඔවුනොවුන් හා සටන් කළහ. මේ හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව ප්‍රධාන ජනවර්ග 2කට බෙදී වෙන් විය. එනම් සුන්නි හා ශියා නමිනි. මේ ජනවර්ග 2ම එකිනෙකා හා නිරන්තරයෙන් සටන් වදින ජන කොට්ඨාශය න් 2කි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව අරාබි ප්‍රජාව මූලික කරගත් රටවල් බිහිවීම ආරම්භ විය. එහිදී මූලිකත්වය හිමිවූයේ සුන්නි ප්‍රජාව ටයි. ඉරාකය ලෙස ගොඩනැංවුණු රාජ්‍යය තුළ සුන්නි ප්‍රජාව සුළුතරයක් වූ අතර බහුතරය වූයේ ශියා නම් වූ ජන කොට්ඨාශය යි. ඉරාකයේ පාලකයා වූ Saddam Hussein සුන්නි ජන කොට්ඨාශය ට අයත් වූ පුද්ගලයෙක් විය. ඇමරිකානු රැකවරණය ඇතිව ඇමරිකාවේ වාසය කරන Ahmed Chalebi නැමැත්තා ගේ අවසන් අරමුණ වූයේ Saddam Hussein බලයෙන් පහ කරදැමීමයි. ඒ සඳහා ඇමරිකාව සමඟ පිඹුරුපත් සකස් කිරීම ට ඔහු පටන් ගත්තේය.

සත්‍ය පසක් වූ අවසානය…..

අවසානයේ Knight Ridder ආයතනයේ මාධ්‍යවේදීන් (Jonathan Landay, Worren Strobel, Joe Galloway and John Walcott )
ගේ පූර්ව නිගමනය න් සත්‍ය බවට තහවුරු විය. චිත්‍රපටය අවසානයේ ඇමරිකාවේ ඉරාක ආක්‍රමණය පිළිබඳ ව සත්‍ය බලපෑම මෙසේ දිග හැරේ. එය ප්‍රේක්ෂකයා හට චිත්‍රණය කරනු ලබන්නේ සංඛ්‍යාත්මක වයි. එය එතරම්ම බරපතල ය.

වම් පස සිට පිළිවෙළින් Worren Strobel, Jonathan Landay සහ John Walcott

මේ දක්වා ඇමරිකාව ට දැරීමට සිදුවූ යුධමය වියදම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2කි ( 2,000, 000, 000, 000)

36,000 කට වඩා ඇමරිකානු සොල්දාදුවන් මියගොස් හෝ ආබාධිත වී ඇත.

මිලියන 1  (1,000, 000) කටත් වඩා ඉරාක වැසියන් ජීවිතක්ෂයට පත් ව ඇත.

සොයා ගැනීමට හැකි වූ ජන ඝාතක අවි හෝ න්‍යෂ්ටික අවි ප්‍රමාණය 0 කි.


” උසස් තත්වයේ ශිෂ්ටාචාරය කට උරුමකම් කියන අප තොරතුරු වාර්තා කිරීමේදී අවංක භාවය හා නිරවද්‍යතාවය පිළිබඳව දැඩි ලෙස සැළකිලිමත් විය යුතුය. ඇත්තටම තොරතුරු සම්බන්ධයෙන් නිරවද්‍යතාවය පිළිබඳව අප විශේෂ උනන්දුවක් දැක්විය යුතුය. ”
( John Walcott )

අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.
Shock and Awe ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි.
තොරතුරු හා ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි