අපරාධ (Movies)ආදර කතා (Movies)දෙමළ (Movies)

ඔබ සත්‍යය සොයා ගත් කළ සත්‍යය විසින් ඔබව නිදහස් කරාවි….

Raja Ranguski Tamil Movie Review (Spoiler Alert)

කතාව කෙටියෙන්…….

අළුපැහැති නිවෙස්නයක් තුළ සිදුවූ පුද්ගල මරණයක් (Maria Amalraj නැමැත්තිය ගේ ) කේන්ද්‍ර කොටගෙන චිත්‍රණය වන කතා වස්තුව ට අතරින් පතර කිසියම් හෝ විරාමයක් ලබා දෙමින් ප්‍රේක්ෂකයා ගේ මනසට විවිධාකාර යේ නිගමනයන් කරා එළඹීමට පාර එළිපෙහෙළි කරනුයේ Raja – Ranguski ගේ ප්‍රේමයයි.

Raja Ranguski දමිළ චිත්‍රපටයේ දර්ශනයක්

චිත්‍රපටයේ මුල් අර්ධය..

චිත්‍රපටයේ මුල් අර්ධය බලනකොට මට මතක් වුණේ ‘ Karthik Calling Karthik ‘ හින්දි චිත්‍රපටය. ඒත් මම වැරදියි මේක වෙනම කතාවක්. තමාගේ ම කටහඬින් සිය පෙම්වතිය ට නිතර ලැබෙන දුරකථන ඇමතුම් පිළිබඳ ව කිසිවක් කරකියාගත නොහැකි වන Raja සිය පෙම්වතිය ආරක්ෂිතව තැබීමට තමා හට සිදු කළ හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ දරයි. එහෙත් තමන්ගේම කටහඬින් නිර්ණාමික ඇමතුම් ලබා දෙන්නේ කව්ද යන්න ඔහු හට දැනගැනීමට ලැබෙන්නේ අවසානයේ දීයි. අප මෙන්ම ඔහු ද අවුල් වියවුල් ස්වභාවයකට ක්‍රම ක්‍රමයෙන් පත්වේ.

Raja Ranguski දමිළ චිත්‍රපටයේ පෝස්ටරයක්

 

ප්‍රේක්ෂක මනස සත්‍යය අභියස ය. එහෙත් එය එතරම් ළඟ නොවේ….

Maria Amalraj ගේ මිනීමරුවා සොයා දියත් වන පොලිස් පරීක්ෂණ වලින් වරෙක Raja ප්‍රධාන සැකකරු බවට පත්කරයි, විටෙක ඔහු සමඟම රාජකාරියේ නිරතවන ඔහු ගේ මිතුරා වන බාස්කර් ව සැකකරු බවට පත් කරයි, තවත් විටෙක නිර්ණාමික දුරකථන ඇමතුම් ලබා දෙන්නා ප්‍රධාන සැකකරු බව අපට ඒත්තු ගන්වයි. එහෙත් අවසානය වන තුරු ම සත්‍යය ප්‍රේක්ෂකයා ට පසක් කරවීම ප්‍රමාද කරවීම ට අධ්‍යක්ෂක වරයා වග බලා ගෙන ඇත. අවසන් මිනිත්තු 5 තුළ දක්නට ලැබෙන පසුතලය Vikram Vedha චිත්‍රපටය තුළින් මා දුටු පසුතලය ට බෙහෙවින්ම සමාන ය.

අවසානයේ එළියට පනිනු ලබන සත්‍යය ඔබ කිසිවිටෙකත් අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔබ අපේක්ෂා කළ නිගමනයන් සියල්ලම වැරදී ගොස් අවසාන උච්චතම අවස්ථාව වෙනස්ම ආකාරයේ සත්‍යය කි. එය එසේ වීමෙන්ම චිත්‍රපටය ට අමුතුම මාදිලියේ රසවත් බවක් අවසානයේ එකතු කරනු ලබයි.

Crime Thriller රසිකයන් වෙත…..

ඔබත් Crime Thriller ශානරයට ඇළුම් කරන පුද්ගලයෙක් නම් ඉහතින් සඳහන් කළ චිත්‍රපටය නැරඹිය යුතුම ය. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා ව‌‌‌ ලිහාගත නොහැකි නූල් බෝලයක් තුළ පටලවන අධ්‍යක්ෂක වරයා අවසානයේ ප්‍රේක්ෂකයා ගේ ඔළුවට අනපේක්ෂිත අවසානය නම් කළු ගලක් එක්වරම අත්හරිනු ලබයි. IMDB දර්ශකයේ සඳහන් වන අගය 6.6 ක් වූවද මා නම් එයට 7.4 ක් වත් ලබා දීමට මැළි නොවෙමි. 2018 වසර තුළ නිකුත් වූ Crime Thriller චිත්‍රපටයන් අතරින් මෙම චිත්‍රපටය මම ඉහළින්ම නිර්දේශ කරන්නෙමි.

අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි
Raja Ranguski දමිළ චිත්‍රපටිය ඇසුරිනි.
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි