Uncategorized

Dr. Sivana සහ සත්වැදෑරුම් මාරාන්තික පාපයන්

Villains of SHAZAM

DC සිනමා විශ්වයේ සුපිරි වීරයන් සබැඳි ලිපි – 2 වැනි දිගහැරුම 

Shazam සතුවූ ශක්තීන් හා බලයන් ගැන අපි මින් පෙර පළවූ ලිපියක් හරහා ඔයාලව දැනුවත් කළා. අද අපි Shazam ගේ ප්‍රබල ප්‍රතිවාදියෙකු වන Dr. Sivana සහ Seven Deadly Sins (සත්වැදෑරුම් මාරාන්තික පාපයන්) ගැන දැනගනිමු.

Dr. Sivana – Shazam චිත්‍රපටයේ දර්ශනයක් ( රූපය 1)

Dr. Sivana එහෙමත් නැත්නම් Thaddeus Bodog Sivana කියලා කියන්නේ බොහොම බුද්ධිමත් වගේම බහුශ්‍රැත පුද්ගලයෙක්. ඔහු සතු දැනුම හා හැකියාවන් ගැන කතා කළොත්

– ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව හොඳින් හැදෑරු පුද්ගලයෙක්. ඒ වගේම සට කපට ව්‍යාපාරිකයෙක්. උපක්‍රමික සැළසුම් සකස් කිරීම අතින් ප්‍රබල ය.

– බුද්ධිය අතින් කිසිදු පුද්ගලයෙකුට නොදෙවෙනි අන්දමට දැනුම් සම්භාරයක් ඔහු සතුයි.

– දේශපාලන විද්‍යාව පිළිබඳ ව හසල දැනුමක් ඇති අයෙකි.

–  විද්‍යාඥයෙකි. මේ නිසාම නව්‍යතා සම්පාදකයෙක් ද වේ.

– විදුලි ඉංජිනේරුවරයෙකි.

– යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව දනී.

– රොබෝ තාක්ෂණය පිළිබඳ නිපුණතාවය ඇති විද්‍යාඥයෙකි.

මේ ආදී හැකියාවන් අතින් සන්නද්ධ වීම නිසාවෙන් ම Shazam ගේ ප්‍රබල ප්‍රතිවාදියෙකු ලෙස Dr. Sivana නම් කළ හැකිය.

Seven Deadly Sins ( සත්වැදෑරුම් මාරාන්තික පාපයන්)

Shazam චිත්‍රපටයේ දර්ශනයක්. (රූපය 2)

1. Pride – ( අභිමානය )

අභිමානය නම් තමන් සතුව ඇති හැකියාවන් හා දක්ෂතාවයන් පිළිබඳ ව ඕනෑවට වඩා වැඩියෙන් හිස උදුම්මවා ගැනීම යි.

2. Envy – (ඊර්ෂ්‍යාව)

තමන් හට නොමැති ගති ලක්ෂණ, හැකියාවන්, දක්ෂතාවයන්, සමාජ තත්වයන් අන් අය සතුවේ යැයි වදවීම ඊර්ෂ්‍යාව යි.

3. Greed – ( කෑදරකම )

කෑදරකම යනු ද්‍රව්‍යමය හෝ මූල්‍යමය දේවල් තමන් වෙනුවෙන් පමණක් එක්රැස් කිරීම යි.

4. Anger – ( කෝපය )

කෝපය නම් සුළු දෙයටත් තරහා ගැනීම සහ අනිකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් වෛරීසහගත හැඟීම් වලින් යුක්ත වීමයි.

5. Sloth – (ආධ්‍යාත්මික නොවීම)

පින් කැමති නොවීම යි. එනම් යහපත් කාර්යයන් හි නියැලීමට ඇති අලසකමයි. ආධ්‍යාත්මික වශයෙන් ඇති පසුගාමී භාවයයි.

6. Lust – ( රාගය )

රාගය නම් ශාරීරික සතුට වෙනුවෙන් ඇති දැඩි ආශාවයි.

7. Gluttony ( ගිජු බව )

මිල මුදල්, වස්තූන්, ආහාර පාන පාරිභෝජනය ට ඕනෑවට වඩා වැඩියෙන් ඇති ආශාව යි.

ඉහතින් සඳහන් කළ සත් වැදෑරුම් මාරාන්තික පාපයන් සංකේතවත් කරනු වස් විරූපී භයානක මෘගයන් සත් දෙනෙකි. එම මෘගයන් හට ඕනෑම පුද්ගලයකු හෝ සුපිරි වීරයෙකු වූ පාලනය කිරීමේ බලය පවතී. Pride (අභිමානය) නම් පාපයට අධිගෘහිත මෘගයා සෙසු මෘගයන් අතරින් වඩාත් ම බලවත් මෘගයා යි. මේ දුෂ්ඨ පාපයන් ගැන හොඳින් වටහාගත් SHAZAM නැමැති ඊජිප්තු ජාතික ඉන්ද්‍රජාලිකයා ඈත අතීතයේ දී ඔවුන් සියල්ලෝම යටත් කරගෙන ශෛලමය ප්‍රතිමා බවට පත්කර සදාකාලික පර්වතය ( Rock of Eternity) තුළ සිරගත කිරීමට කටයුතු කළේය. 2වන රූපයේ වම්පස දක්නට ලැබෙන්නේ එම ශෛලමය ප්‍රතිමාවන් හා සදාකාලික පර්වතය යි.

2වන රූපයේ දකුණු පසින් දක්නට ලැබෙන සුදු පැහැති දීප්තිමත් කුඩා වස්තුව එම මාරාන්තික පාපයන් හි මූලයයි. එය ලබා ගන්නා පුද්ගලයා හට සත්වැදෑරුම් මාරාන්තික පාපයන් පාලනය කිරීමේ හැකියාව ලැබේ. එහෙත් සැබැවින්ම සිදුවන්නේ එම පාපයන් විසින් අදාල පුද්ගලයා ව පාලනය කිරීමයි.

මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් SHAZAM චිත්‍රපටය පිළිබඳව විවරණයක් බලාපොරොත්තු වන්න.

අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.

තොරතුරු හා ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *