නාට්‍යමය (Movies)වෙනත් (Movies)

Unbreakable චිත්‍රපටය

Eastrail 177 කතා ත්‍රිත්වයේ පළමු දිගහැරුම ( Spoiler Alert)

 ‘ Glass ‘ ඉංග්‍රීසි චිත්‍රපටය අප සාමාන්‍යයෙන් නරඹන චිත්‍රපට වලට වඩා හාත්පසින්ම වෙනස් වූ නිර්මාණය ක්. Glass චිත්‍රපටය ගැන කතා කරන්න කලින් අපි මුලින්ම Unbreakable චිත්‍රපටය ගැන කතා කරලම ඉමු. මතක ඇතිව Glass චිත්‍රපටය නරඹන්න කලින් Unbreakable හා Split කියන චිත්‍රපට 2 ත්  බලලම ඉන්න.

මොකද්ද මේ Unbreakable චිත්‍රපටය?

Unbreakable චිත්‍රපටයේ පෝස්ටරයක්

2000 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය M.Night Shyamalan නැමැත්තා ගේ නිර්මාණයක්. චිත්‍රපටයේ තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ද ඔහුගේ මයි. මෙම චිත්‍රපටය Eastrail 177 කතා ත්‍රිත්වයේ පළමුවැන්න යි. දෙවැන්න Split චිත්‍රපටය යි. තෙවැන්න Glass චිත්‍රපටය යි. Split හා Glass චිත්‍රපටය න් පිළිබඳ ව අපි ඉදිරි ලිපිවලින් කතා බහ කරමු.

Unbreakable කතාව කියවන්න පටන් ගමු….

Unbreakable චිත්‍රපටයේ මූලාරම්භක දර්ශනය ප්‍රේක්ෂකයා ගේ අක්ෂි කාචය මත නාභිගත කරනුයේ කැඩපත් ප්‍රතිබිම්භය ක් ලෙස යි. සැබෑ දර්ශනය කැඩපතක් මත පරාවර්තනයට ලක් කර කැමරා කාචය කැඩපතට එල්ල කරමින් අධ්‍යක්ෂ වරයා කතාවට අත්පොත් තබනවා. මෙම චිත්‍රපටය සුපිරි වීරයන් සම්බන්ධයෙන් කතාවට ලක් වන්නක් වූවද මෙහි විශේෂ ප්‍රයෝග දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් එය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට කිසිදු අයුරකින් බලපෑමක් ඇති කරන්නේ නම් නැහැ. චිත්‍රපටය හරහා අපගේ අවධානයට ලක් වන්නේ David Dunn ( Bruce Willis) හා Elijah Price ( Samuel L. Jackson) යන චරිත 2යි.

David Dunn හා Elijah Price ගැන දැන ගනිමු…

Unbreakable චිත්‍රපටයේ දර්ශනයක්
පාපන්දු ක්‍රීඩාංගනය ක ආරක්ෂක නිලධාරීයෙකු ලෙස කටයුතු කරන David සුවිශේෂී වූ හැකියාව කින් සන්නද්ධ වන පුද්ගලයෙක්. කිසියම් පුද්ගලයකු ස්පර්ශ කිරීමෙන් එම පුද්ගලයා පිළිබඳ ව නිවැරදි අර්ථකතනය න් සිදුකිරීමේ හැකියාව ඔහු සතු යි. මේ හැකියාව නිසා ම පාපන්දු ක්‍රීඩාංගනය තුළට ප්‍රේක්ෂකයින් විසින්  ගෙන එන නීති විරෝධී ද්‍රව්‍යයන් පහසුවෙන් අනුමාන කිරීමට තරම් ඔහු දක්ෂ වෙනවා. භයානක දුම්රිය අනතුරකින් ( Eastrail 177 දුම්රිය අනතුර) කිසිදු සීරිමක් වත් නොමැති වීම දිවි ගලවා ගත් එකම පුද්ගලයා වීමත් සමඟ Elijah ගේ අවධානය ඔහු වෙත යොමු වෙනවා. පසුව David සිය පුතු සමඟ Elijah ව මුණගැසීම ට යනවා.

සුපිරි වීරයන් සම්බන්ධ චිත්‍ර කතා පොත්/ පත්තර කඩයක් පවත්වාගෙන යන Elijah, එම පොත් වලින් කියැවෙන්නේ සත්‍ය කතාවන් බවට අන්ධ විශ්වාසයකින් කටයුතු කරන පුද්ගලයෙක් ඔහු එය මෙසේ විස්තර කරනවා.

Unbreakable චිත්‍රපටයේ දර්ශනයක්
” මම විශ්වාස කරනවා අපි මේ කියවන චිත්‍ර කතා පොත් වල තියෙන්නේ අතීතයේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් කියලා. මේ කතාවන් ඇත්තටම කව්රුන් හෝ හැබැහින් අත්විඳින ලද දේවල්. ඒ අත්දැකීම් කාලයාගේ ඇවෑමෙන් වාණිජමය මුහුණුවරකින් සුපිරි වීරයන් ගේ චරිත ලෙස චිත්‍ර කතා පොත් වල අද වෙනකොට දකින්න පුළුවන්. සුපිරි වීරයන් කියන්නේ හිතවලුක් නෙවෙයි සැබෑවක්.
මම විශ්වාස කරනවා David කියන්නේ සුපිරි වීරයෙක් බව. “

Elijah ව මුණගැසීම David හට තමන් පිළිබඳ ව ප්‍රශ්න රාශියක් මුණගැස්වීමට සමත් වෙනවා. තමන් සිය වෘත්තීය ජීවිතය තුළ දී එකදු නිවාඩු දිනයක් හෝ පාරිභෝජනය නොකිරීම ත්, ඔහුට මතක ඇති කලෙක අසනීප වී නොතිබීම ත්, දුම්රිය අනතුරින් දිවිගලවා ගත් එකම පුද්ගලයා වීමත්, Elijah ගේ ප්‍රකාශය න් සත්‍ය විය හැකි බව ට David හට ඒත්තු ගැන්වීමට සමත් වෙනවා. එහෙත් David කුඩා කළ දී පිහිනුම් තටාකය ක් තුළ ජලයේ ගිලීම නිසා ඇතිවූ කම්පනය වැඩිහිටියෙකු වූ පසුවත් පැවතීම Elijah ගේ තර්කය පුස්සක් බවට පත් කිරීමට සමත් වෙනවා. නමුත් Elijah එය මෙසේ සාධාරණීකරණය ට ලක් කරනවා.

හැම සුපිරි වීරයෙකු ටම ප්‍රධාන දුර්වලතා වයක් තියෙනවා. හරියට සුපර් මෑන් ට Cryptonite අරහං වගේ ඔයාට වතුර අරහං. එයා Cryptonite වලට බයයි වගේ ඔයා වතුර ට බය යි. ”

එහෙත් David හට Elijah පවසන දේවල් පිළිබඳ ව ගැඹුරට වැටහෙන්නේ නැහැ. නමුත් දිනක් සිය පුතු සමඟ කාය වර්ධන ව්‍යායාම වල නිරත වන David හට තමන් අසීමිත වූ කාය ශක්තියකින් යුතු බවට තේරුම් යනවා. ඒත් සමඟම තමන් තරුණ අවධියේ දී මුහුණ දීමට සිදුවූ මෝටර් රථ අනතුරින් සත්‍ය වශයෙන්ම කිසිදු හානියක් සිදු නොවූවද තමන් හට තුවාල සිදුවූයේ යැයි ඇඟවීම ඔහුට මතකයට නැගෙනවා. එයම David හට තමන් සුපිරි වීරයෙකු බවට විශ්වාස කිරීමට තරම් සාධකයක් බවට පත්වෙනවා.

Eastrail 177 කතා ත්‍රිත්වය…

Unbreakable චිත්‍රපටයේ දර්ශනයක්
Unbreakable චිත්‍රපටයේ දී David දිවි ගලවා ගන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් පීලි පනින ලද Eastrail 177 දුම්රිය අනතුරින්. එම දුම්රිය අනතුර පාදක කරගනිමිනුයි මේ කතා මාලාව නිර්මාණය වී ඇත්තේ. එම දුම්රිය අනතුර Split හා Glass චිත්‍රපටය යන් හිදී සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්වෙන හැටි අපි ඉදිරියේදී කතා කරමු.

අනපේක්ෂිත වූ අවසානය….

Unbreakable චිත්‍රපටයේ අවසානය අප කිසිසේත් ම අපේක්ෂා නොකරන අවසානයක්. කුඩා කළ සිටම අස්ථි බිඳීයාමේ රෝගයකින් පීඩා විඳින පුද්ගලයෙක් වන Elijah හට ඇවිදීමට තියා දෙපයින් නැගී සිටීමට වත් සවි ශක්තිය නොමැත. මුල් කාලයේ හැරමිටිය ක ආධාරයෙන් අපහසුවෙන් ඇවිද යන ඔහු පසුකාලීනව පූර්ණ ලෙස රෝද පුටුවක් මත සිය ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමයි. එහෙත් ඔහු සිය අන්ධ විශ්වාසය සාක්ෂාත් කරගනු වස් සිය ආබාධිත බව බිඳකුදු නොතකන්නේ ය. අවසානයේ දී හෙළිදරව් වන්නේ නගරය තුල සිදුවූ භයානක අනතුරු Elijah ක්‍රියාකලාපය න් බවයි. විශේෂයෙන්ම David දිවිගලවා ගත් Eastrail 177 දුම්රිය අනතුරෙහිද මහ මොළකරු වන්නේ ද Elijah මයි. මේ පිළිබඳව දැන ගැනීමට ලැබීම ත් සමඟම David දැඩි ලෙස කම්පාවට පත් වෙනවා.

David : උඹ අහිංසක මිනිසුන් ව නිකරුණේ මරලා දැම්මා.

Elijah : ඔව් මම දන්නවා. නමුත් මම උඹව හොයාගත්තා. උඹ ව හොයාගන්න තමයි මම මේ හැම දෙයක්ම කළේ.

David : දෙවියනේ !!

චිත්‍රපටය අවසාන වන්නේ Elijah හට දුෂ්ඨයා නැමැති හංවඩු ව වැදීමෙන්. ඇත්තටම Elijah දුෂ්ඨයෙක් ද ??

මතු සම්බන්ධයි…

— අනුවාදය ජනිඳු රාජකරුණා —
Unbreakable චිත්‍රපටය ඇසුරිනි 
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි