නාට්‍යමය (Movies)වෙනත් (Movies)

Split චිත්‍රපටය

Eastrail 177 කතා ත්‍රිත්වයේ දෙවන දිගහැරුම ( Spoiler Alert )

මතකාවර්ජනය..
Unbreakable චිත්‍රපටයේ දර්ශනයක්

මම හිතනවා ඔයාලට මතක ඇති කියලා Unbreakable චිත්‍රපටය ගැන අපි කතා කරපු ලිපිය ගැන. ඒ ලිපිය හරහා අපි දැනුවත් වුණා David Dunn හා Elijah Price කියන චරිතයන් 2 සම්බන්ධයෙන්. Unbelievable චිත්‍රපටය සම්බන්ධ වෙනවා Split චිත්‍රපටය ට. විශේෂයෙන්ම කියන්න ඕන Unbreakable චිත්‍රපටය තිරගත වෙලා වසර 16 කට පසුව තමයි Split චිත්‍රපටය ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. Split චිත්‍රපටය ත් M.Night Shyamalan ගේ නිර්මාණාත්මක වෑයමක්. ඇත්තටම බැලුවොත් Split චිත්‍රපටය කියන්නේ Unbreakable චිත්‍රපටයේ Sequel එක. මේක හොඳටම තේරුම් යන්නේ Glass චිත්‍රපටය ත් බැලුවම තමයි. හොඳයි ! අපි Split චිත්‍රපටය ගැන කතා කරන්න පටන් ගමු.

දෙවන දිගහැරුම ට පිවිසෙමු…

Unbreakable චිත්‍රපටය ප්‍රධාන වශයෙන් ම ගලා ගෙන ගියේ ප්‍රධාන චරිතයන් 2 ක් වටා. ඒ තමයි David Dunn ( Bruce Willis ) හා Elijah Price ( Samuel L. Jackson). Split චිත්‍රපටය තුලින් කතා බහට ලක්වන්නේ Kevin Wendell Crumb ( James MacAvoy) නැමැති Dissociative Identity Disorder ( බහු පෞරුෂත්ව රෝගය ) රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් පිළිබඳ වයි. එකිනෙකට වෙනස් පෞරුෂත්ව යන් 23 කින් සමන්විත වන ඔහුට කුඩා කළ දී පියාගේ හදිසි වියෝවත් සමඟ පිය සෙනෙහස අහිමි වෙනවා. ඉන්පසු කාලය Kevin ට ගතකිරීමට සිදුවන්නේ සිය හිංසාකාරී මව සමඟ යි. Kevin ගේ රෝගී තත්ත්වය ට කුඩා අවධියේ අත්විඳි හිංසාවන් මූලික ම හේතු කාරණා වෙනවා.

Split චිත්‍රපටයේ පෝස්ටරයක්

Split චිත්‍රපටය ගලා යන්නේ ප්‍රධාන වශයෙන් ම ඉස්මතු වන සිදුවීම් 4 ක් ඔස්සේ යි. ඒවා නම්,

1. Dennis විසින් පැහැර ගනු ලබන ගැහැණු ළමයින් 3 දෙනාගේ කතාව

2. Casey Cooke ට වරින් වර සිහිපත් වන තමන් කුඩා අවදියේ අත්විඳි හිංසනය න්.

3. Kevin හා Dr. Fletcher අතර ඇති වන කතාබහ.

4. මෘගයා ගේ පිබිදීම.

අපි මේ සිදුවීම් ගැන වැඩි විස්තර කතා කරමු.

1. Dennis විසින් පැහැර ගනු ලබන ගැහැණු ළමයින් 3 දෙනා ගේ කතාව

Split චිත්‍රපටයේ දර්ශනයක්
Dennis කියන චරිතය, Kevin ගේ එක් පෞරුෂත්ව යක්. Dennis කියන්නේ ගොඩක් පිළිවෙළට ඉන්න කැමති කෙනෙක්. විශේෂයෙන්ම පිරිසිදු බව ගැන ඕනෑවට වඩා වද වෙන කෙනෙක් තමයි Dennis. චිත්‍රපටය ආරම්භ වන්නේ Dennis විසින් ගැහැණු ළමයින් 3 දෙනෙක් පැහැර ගැනීමත් සමඟ යි. පැහැර ගැනීමට ලක්වන ගැහැණු ළමයින් හට අත්දකින්න ලැබෙනවා Kevin ගේ එක් එක් පෞරුෂත්ව යන්. Kevin වෙලාවකට අවුරුදු 9 ක පොඩි ළමයෙක් වගේ ( Hedwig) , වෙලාවකට කාන්තාවකගේ චරිතයක් ( Patricia)  ඉස්මතු වෙනවා. තව වෙලාවකට එකපාරටම Dennis පැමිණෙන වා. මේ සිදුවන දේවල් පිළිබඳ ව නිවැරදි අවබෝධයක් නැතිකම නිසාම ගැහැණු ළමයින් බලං ඉන්නේ කොයි වෙලේද තමන් හිර කරලා තියෙන තැනින් එළියට පැනලා යන්නේ කියලා. Kevin ව ඔවුන් ට පේන්නේ විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස යි.

2. Casey Cooke ට වරින් වර සිහිපත් වන තමන් කුඩා අවදියේ අත්විඳි හිංසනය න්

Split චිත්‍රපටයේ දර්ශනයක්
Dennis ගේ පැහැර ගැනීමට ලකවූ ගැහැණු ළමයින් 3 දෙනා ගෙන් එක් අයෙකු තමයි Casey කියන්නේ. Casey හරිම නිහඬ චරිතයක්. Casey උත්සාහ කරනවා Kevin ගෙන් සැරින් සැරේ ඉස්මතු වන චරිතයන් උදව්වට අරගෙන පැනලා යන්න. එතකොට තමයි Casey ට තේරුම් යන්නේ මේ චරිතය න් සියල්ලෝම එක් චරිතයක ට යටත් බව. මේ සංකීර්ණ චරිතයන් මුණගැහෙද්දී Casey හට ඇගේ මාමා අතින් ඇය අත්විඳි හිංසනය න් වරින් වර මතකයට නැගෙනවා. Casey කියන්නේ කුඩා කාලයේ දී සෑහෙන්න දුක් වේදනා වින්ද කෙනෙක්. Casey ගේ පියා නැති වෙනවා ඇය කුඩා කාලයේ දී. මේ කාරණා සළකා බැලුවම Casey හා Kevin ගේ යම් යම් සමානකම් තිබෙන බව අපිට තේරුම් අපහසු නැහැ.

3. Kevin හා Dr. Fletcher අතර ඇතිවන කතා බහ

Split චිත්‍රපටයේ දර්ශනයක්
Kevin ගේ රෝගී තත්ත්වය ගැන මුලින්ම තේරුම් යන්නේ මනෝවිද්‍යා චිකිත්සක වරියක් වන Dr. Fletcher හටයි. Kevin සමගින් විවෘතව කතා කරන්න අවස්ථාව ලැබීම නිසා වෙන් ම එය ඇයට පහසු වෙනවා. Kevin , Dr. Fletcher ව විශ්වාස කිරීමත් එයට අමතර හේතුව ක් වුණා. Dr. Fletcher ට තේරුම් යනවා බහු පෞරුෂත්ව
රෝගය කියන්නේ මානව පරිණාමයේ ඊළඟ අධියර ඉස්මතු වීම ක් බව. මේ රෝගය එක්තරා විදියකට මිනිස් මොළයේ පරිණාමය වීමක් බවටත් ඇය විශ්වාස කරනවා. ඒ වගේම ඇයට තේරුම් යනවා Kevin ගෙන් ඉස්මතු වන පෞරුෂත්ව යන් ට ආවේණික වූ චරිත ලක්ෂණ පවතින බව.

4. මෘගයා (Brast ) ගේ පිබිදීම.

Split චිත්‍රපටයේ දර්ශනයක්

 

Split චිත්‍රපටයේ වැදගත් ම සංධිස්ථානයක් තමයි මෘගයා ( Beast) ගේ පිබිදීම. මෘගයා ගේ පිබිදීම ට පෙර අපි දකිනවා Kevin දුම්රිය වේදිකාව ක් මත මල් කළඹක් තියෙනවා. අනතුරුව ඔහු මෘගයා බවට පරිවර්තනය වන්නේ හිස් වූ දුම්රිය මැදිරියක් තුළදී යි. ඒ   කුමන හේතුවක් නිසාද කියලා හෙළිදරව් වෙන්නේ Glass චිත්‍රපටය හරහා. අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. අසහාය කාය ශක්තිය ක් ඇති, බිත්ති මත පහසුවෙන් නැග යාහැකි දරුණුතම දඩයක්කරුවෙකු බවට අවසානයේ Kevin, මෘගයා ලෙස එළිදරව් වෙනවා. මෘගයා ගේ පෞරුෂත්ව ය දුෂ්ඨ පෞරුෂත්ව ගතියක් බවට ප්‍රේක්ෂකයා හට චිත්‍රණය වූවද, මෘගයා කරළියට පැමිණියේ Kevin ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යි. Dennis විසින් පැහැර ගනු ලැබූ ගැහැණු ළමයින් 2 නෙකු හා Dr. Fletcher මෘගයා ගේ ගොදුරු බවට පහසුවෙන් පත්වීමෙන් අනතුරුව මෘගයා Casey වද ගොදුරු කරගැනීමට පැමිණෙන වා. Casey මෘගයා ගේ ගොදුරක් නොවී බේරෙන්නේ අනූ නවයෙන්. Casey ගේ සිරුර පුරා ඇති තුවාල කැළැල් දකින මෘගයා මෙසේ පවසන වා.

” වේදනාව තුළින් තමයි
ඔබ උසස් තත්වයට පත් වන්නේ
ජීවිතය තුළ දුක් ගැහැට නොවිඳි අයට
මේ ලෝකයේ ඉඩක් නෑ
ඔයා අනිත් අයට වඩා වෙනස්
ඔයාගේ හදවත පිරිසිදු යි “

යනුවෙන් පවසා මෘගයා ඇය මගහැර යනවා. චිත්‍රපටය අවසානයේ අපිට David ව නැවත දැක ගැනීමට හැකි වෙනවා.

Unreakable, Split හා Glass චිත්‍රපටය න් එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය ගැන අපි කතා කරමු Glass චිත්‍රපටය ගැන ලියැවෙන ලිපියෙන්.

Glass චිත්‍රපටයේ පෝස්ටරයක්
— අනුවාදය  ජනිඳු රාජකරුණා  විසිනි. —
( Split චිත්‍රපටය ඇසුරිනි)
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි