අපරාධ (Movies)නාට්‍යමය (Movies)වාර්තාමය (Movies)වෙනත් (Movies)සත්‍ය කතා (Movies)

ඇමරිකාව ට හිසරදය ක් වූ Bonnie සහ Clyde…

The Highwaymen චිත්‍රපටය ( Spoiler Alert )

The Highwaymen චිත්‍රපටය ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම අපරාධකරුවන් යුවලක් වූ Clyde Barrow සහ Bonnie Parker අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු රජය විසින් ක්‍රියාත්මක කළ මෙහෙයුම සංක්ෂිප්ත ව ඉදිරිපත් කරනු ලබයි. අපරාධකරුවන් යුවළ තනිවම ක්‍රියාත්මක නොවීමත්, මධ්‍යම ඇමරිකාව පුරා මෝටර් රියකින් ගමන් කිරීමත්, ඔවුන් එක තැන රැඳී නොසිටීමත්, සැළකිය යුතු ප්‍රමාණයක් අවි ආයුධ ඔවුන් සතුව පැවැතීමත් ඔවුන් ජීවග්‍රහයෙන් අල්ලාගැනීම දිනෙන් දින ප්‍රමාද කරවීය.

The Highwaymen චිත්‍රපටයේ දර්ශනයක්

අපරාධ පරීක්ෂණ විද්‍යාව ඉහළ තලයක රැඳී නොතිබුණ අවධියෙක ඇමරිකානු රජය ට හිසරදය ක් වූ මෙම පුද්ගලයන් දෙදෙනා අල්ලාගැනීම පහසු කාර්යයක් නොවීය. විටෙක ඔවුන් දෙදෙනා සමඟ තවත් පුද්ගලයන් දෙතුන් දෙනෙක් සිටීම ද අපරාධකරුවන් ට මහත් වාසියක් විය. ඔවුන් රාත්‍රී කාලය ගතකිරීමට කැළෑබද ප්‍රදේශයන් භාවිතා කළහ. සෑමවිටම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලයන් දෙදෙනෙකු රාත්‍රිය පුරාවටම ඔවුන් ව මුර කරන්නට වූහ. ඔවුන් ගමනේ යෙදෙන මෝටර් රථ වෙනස් කරන්න ට ඔවුන් යුහුසුළු වූහ. විටෙක මෙම යුවල තනිවම සැරිසැරීම ද පුරුද්දක් කොට ගත්හ. ඔවුන් යනෙන මහමග දිවා රෑ වශයෙන් වෙනසක් නොවීය. එකම වෙනස වූයේ ඔවුන් බොහෝ පොලිස් නිලධාරීන් භීතියෙන් ඇලළීමට සමත් වීම පමණි. මෙම අපරාධකරුවන් ගේ මුහුණ ට මුලිච්චි වන සෑම පොලිස් නිළදරුවෙක් ම මරා දැමීමට ඔවුන් දෙවරක් නොසිතයි.
The Highwaymen චිත්‍රපටයේ දර්ශනයක්

අවසානයේ ඇමරිකානු රජය විශ්‍රාම ලත් Texas Rangers දෙදෙනෙකු හට මෙම භාරදූර කාර්යය භාර දුන්නේය. එම නිළධාරීන් දෙදෙනා මුලින්ම සිදුකළේ අවශ්‍ය තරමේ ආයුධ මිලදී ගැනීම ට කටයුතු යෙදීම යි. අනතුරුව ඔත්තුකරුවන් භාවිතා කරමින් Bonnie සහ Clyde ගමන් කිරීමට යත්න දරතැයි සිතෙන ගමන් මාර්ගය සොයා ගැනීම ට මොවුන් දෙදෙනා උත්සාහ දැරීය. එය එතරම් ලේසි පහසු කාර්යයක් නොවූයේ බොහොමයක් සාමාන්‍ය ජනයා Bonnie සහ Clyde ව ජනතා වීරයන් ලෙස සැළකීමට පෙළඹී තිබීමයි. Bonnie සහ Clyde ට විරුද්ධව ඔත්තු සැපයීම ඔවුන් ප්‍රතික්ෂේප කළේ නිරායාසයෙනි. ඒ වන විටත් Bonnie සහ Clyde සිනමා තාරකාවන් දෙදෙනෙකු ටත් වඩා ප්‍රසිද්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු වූහ.
The Highwaymen චිත්‍රපටයේ දර්ශනයක්

කෙසේ හෝ මෙම අපරාධකරුවන් ගේ ක්‍රියාකලාපය දැඩි අධ්‍යයනයක ට ලක් කළ Rangers දෙදෙනා හට ඔවුන් සිය දෙමාපියන් බැලීමට පැමිණෙන බව ප්‍රත්‍යක්ෂ විය. එකම පරහකට තිබුණේ ඒ කවරදාක දැයි අනුමාන කිරීම යි. Bonnie සහ Clyde ගේ සමීපතමයෙකු ගේ ආධාරයෙන් ඔවුන් දෙදෙනා ගම් ප්‍රදේශය කරා එන දින වකවානු හෙළි කරගත් මේ නිළදරුවන් දෙදෙනා Bonnie සහ Clyde ව අල්ලා ගැනීමට පිඹුරුපත් සකස් කළහ. සැළසුම් සියල්ල සාර්ථක විය. නමුත් Bonnie සහ Clyde දෙදෙනා ජීවග්‍රහයෙන් අල්ලාගැනීම සිදුනොවී ය. පොලිසිය සිය ආත්මාරක්ෂාව සඳහා ඔවුන් දෙදෙනා හට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. අවසානයේ Bonnie සහ Clyde යුවළ මරු වැළඳ ගත් හ. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා හට Bonnie සහ Clyde ගේ සමීප දර්ශනයක් දැක ගැනීමට අවස්ථාවක් නොවීය. නමුත් චිත්‍රපටය අවසානයේ ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක් වීමට මොහොතකට පෙර චිත්‍රපටය තුළින් ඔවුන් ව අනාවරණය කරනු ලැබුවේ ය.

 

ඉහත රූපයේ වම්පස දක්නට ලැබෙන්නේ Kevin Costner and Woody Harrelson යන නළුවන් ය. දකුණු පසින් දක්නට ලැබෙන්නේ විශ්‍රාම ලත් Texas Rangers Frank “Pancho” Hamer and Ben Maney Gault ය.
අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.
The Highwaymen චිත්‍රපටය ඇසුරිනි.
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි