අපරාධ (Movies)දෙමළ (Movies)වෙනත් (Movies)

Operation Kathir ( Kathir ගේ මෙහෙයුම )

Satru දමිළ චිත්‍රපටිය ( Spoiler Alert )

ඔහු උප පොලිස් පරීක්ෂක වරයෙකි. රෝයපුරම් පොලිස් ස්ථානයේ සේවය කරන්නේ ය. නම Kathir ය. දැනට පොලිස් සේවය ට බැඳී වසර 2කි. සහකාර කොමසාරිස් නිරන්තරයෙන් ඔහු ගේ ක්‍රියාකලාපය පිලිබඳව ඔහු හට බැන වැදී. එහෙත් Kathir ඒ සියල්ල ඉදිරියේ සෘජු ව සිටගෙන මුහුණ දෙයි. ඔහුගේ මුහුණේ බයක් දක්නට ම නැත. මොකුත් තේරුනේ නෑ නේද ? ඉන්න මම එක සිද්ධියක් කියන්නම් එතකොට ඔයාලට තේරෙයි Kathir ගැන.

Satru දමිළ චිත්‍රපටයේ දර්ශනයක්
මීට මාස 3කට කලින් MLA (දේශපාලකයෙක් ) කෙනෙක් ගේ පුතෙක් ගැහැණු ළමයෙක් ට පාරෙදි විහිළු කරලා තියෙනවා. ඒ ගැහැණු ළමයා පොලිස් පැමිණිල්ලක් පවා දැම්මා ඒ සම්බන්ධයෙන්. Kathir ඒ දේශපාලකයා ගේ පුතා ට පාරෙදි ම දඬුවම් කරලා තියෙනවා. Kathir ගේ මේ වැඩ දැක්කා ම ඕන ම කෙනෙක් හිතන්නේ අලුත පොලිසියට බැඳිච්ච නිසා නැත්නම්
තරුණ වයස නිසා කියල යි. ඒත් එහෙම නැහැ ඒ තමයි Kathir ගේ හැටි.

Satru දමිළ චිත්‍රපටිය තුළින් කතා කරන්නේ Kathir ගැන. Crime Thriller ශානරයට අයත් වන Satru චිත්‍රපටය චිත්‍රපට රසිකයන් හට වෙනස් ම අත්දැකීමක් ලබා දේවි. චිත්‍රපටය ධාවන කාලය පුරාවටම අවිනිශ්චිත භාවය සහ ත්‍රාසය නොඅඩුව විඳ ගැනීමට ප්‍රේක්ෂකයා හට වාසනාව ලැබේවි. විටෙක අවිනිශ්චිත භාවය ඉස්මතු වේ. එවිට ත්‍රාසය පැමිණ සියලු අවිනිශ්චිත භාවය න් මුලිනුපුටා දමයි. තවත් වරෙක ත්‍රාසය ප්‍රමුඛත්වය ගනියි. එවිට එක්වරම අවිනිශ්චිත භාවය එතැනට පැමිණෙයි. නැවත කුතුහලය කොහෙන් දෝ ඇවිත් මේ දෙක අතර ට කඩා පාත් වෙයි.
මේ ආකාරයෙන් Satru චිත්‍රපටය Crime Thriller චිත්‍රපටය ක් වශයෙන් ප්‍රබල ස්ථානය ක පසුවන බව නම් කිව යුතු මය.
Satru දමිළ චිත්‍රපටයේ පෝස්ටරයක්
පළමු අර්ධය තුළ Satru ගේ විචක්ෂණශීලී බුද්ධිය, තොරතුරු එක් රැස් කරගැනීමට ඔහු සතු නිපුණතාවය, අනෙකුත් පොලිස් නිලධාරීන් සමඟ සම්බන්ධ වී අපරාධකරුවන් අල්ලාගැනීමේ හැකියාව නිරෑපණය වෙනවා. ඔව් පළමු අර්ධය තුළ වීරයා වෙන්නේ Kathir. නමුත් මේ සියල්ල උඩු යටිකුරු වෙන්නේ දෙවන අර්ධයට යද්දී. දෙවන අර්ධයට පැමිණෙත්ම Kathir ට හොඳ ප්‍රතිවාදියෙක් ලැබෙන වා. ඔහු තමයි මේ චිත්‍රපටයේ දුෂ්ඨයා. මේ දුෂ්ඨයා Kathir වඩා සෑම අතින්ම ඉදිරියෙන් ඉන්නවා. මනා ලෙස සැළසුම් සහගතව Kathir ගේ සමීපතමයන් ලුහුබඳිනවා. ඔවුන් ව ඉතා ඉක්මනින් මරු තුරුලට යවන්න මේ දුෂ්ඨයා සමත් වෙනවා. මේ සියල්ල ඔහු කරන්නේ තනිවම නොවේ. ඔහුට ම කියලා කල්ලියක් ඉන්නවා 6 ක් ගෙන් හැදුණු. මේ කිසිවක් නොදන්නා  Kathir මේ පුද්ගලයා ව ලුහුබැඳ යද්දී සෙසු අය Kathir ගේ සමීපතමයන් ගැන වග බලා ගන්නවා. දෙවන අර්ධය තුළ දෙපාර්ශවයම ( වීරයා සහ දුෂ්ඨයා ) වරින් වර ඉස්මතු වූවද වැඩි වාසි පවතින්නේ දුෂ්ඨයා හටයි.

නමුත් අවසානයේ දී Kathir ටම සිද්ධ වෙනවා මේ කට්ටිය ත් එක්ක තනියම හැප්පෙන්න. විනාඩි කීපයක සටනකි න් අනතුරුව Kathir ජය ලබනවා. එහෙත් Kathir එතනින් නතර වෙන්නේ නැහැ. ඔහු ඉදිරියට ම ගමන් කරනවා.

මේ ලෝකය තුළ බහුලව අපට පේන්න තියෙන්නේ නරක. හොඳ ඒ අතින් ගත්තොත් අල්ප වශයෙන් තමයි අපට පේන්නේ. හොඳ රජකම් කරන්න පටන් ගන්නා තුරු නරක එහෙමත් නැත්නම් නපුර ඉබේට ම වැපිරෙනවා. යහපත ට වඩා අයහපත වැඩි වාසි අත්පත් කර ගන්න වා. නමුත් ඒකෙන් කියන්නේ නැහැ නරක, නපුර ජය ලබනා බව. නරක පවතින්නේ කෙටි කාලීනව යි. අනතුරුව රජයන්නේ යහපත මිස අන් කවරක්ද ??
Satru දමිළ චිත්‍රපටයේ දර්ශනයක්

අනුවාදය- ජනිඳු රාජකරුණා විසිනි.

Satru දමිළ චිත්‍රපටිය ඇසුරිනි.
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි