MoviesNewsඇනිමේෂන් (Movies)සංගීතමය (Movies)

ශාරුක්ගේ මීලඟ චිත්‍රපටය ෆාරා සමග ද..?

බොහෝ විට ශාරුක් ඛාන් ගේ මීලඟ සිනමා පටය ෆාරා ඛාන් ගේ අධ්‍යක්ශණයක් විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. අධ්‍යක්ශක ෆාරා ඛාන් පවසන්නේ තවමත් ඇය සිය නව චිත්‍රපටයේ පිටපත සකස් කරමින් සිටින බවයි. එය “Musical Actioner” සිනමා පටයක් බවයි ඇය පවසන්නේ. විශේෂත්වය වන්නේ මෙහි නිශ්පාදකවරයා ප්‍රකට වාණිජ චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වන රෝහිත් ශෙට්ටි වීමයි.
ශාරුක් ඛාන් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වේදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ “මම ශාරුක්ට ආදරෙයි. ඔහු සමග වැඩ කරන්න කැමතියි. ඒත් තවම අපි ඉන්නේ පිටපත පිලියෙල කිරීමේ කටයුත්තේ. මේක ඉවර වුණාම අපි චරිත තෝරාගැනීම පිළිබඳ සලකා බලනවා”
Main Hoon Na චිත්‍රපටයෙන්
කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ෆාරා පවසා තිබුණේ ඇයගේ මීලඟ චිත්‍රපටය ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ “මේන් හූන් නා (Main Hoon Na)” චිත්‍රපටයේ දෙවැනි කොටස විය හැකි බවයි.
– මහේල හෙට්ටිආරච්චි –
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි