Moviesආදර කතා (Movies)නාට්‍යමය (Movies)

ඇස් ගසා මදි ය – රඟපාන්නත් ඕනෑ ය

Oru Adaar love, අර කාලෙකට කලින් දැරිවියක් ඇස් ගහපු වීඩියෝ එක මතක ද.  හුරතලේට ඇස් ගහන හාදුවලින් වෙඩි තියන priya prakash varrier ඔබට මතක ඇති. මේක oru adaar love කියන චිත්‍රපටයේ කොටසක්. මේ සිද්ධිය/වීඩියෝව ලෝකෙ වටේ පැතිරෙන්න පටන් ගත්තා. මේ පොඩි කෙල්ල ගැන අවධානය සෑහෙන්න යොමුවෙන්න ගත්තා. මේ ලැබුණු අනපේක්ෂිත ප්‍රසිද්ධිය නිසාම ඔරු අදාර් ලව් කණ්ඩායම චිත්‍රපටයේ කතාව වෙනස් කර ආයෙත් රූගත කලා. මං හිතන්නෙ තවත් ජනතාව අතරට යන්න කියලා හිතාගෙන. ඒත් සාර්ථක ද?

Oru adaar love poster

මේක මලයාලම් චිත්‍රපටයක්. වෙනම ලෝකෙක තියන් ඔබව පිරිමදින ජාතියේ සිනමා ප්‍රවර්ගයක් තමයි මලයාලම් කියන්නේ. මෙතෙක් නරඹපු මලයාලම් චිත්‍රපට අපිට හුරු කරල තියන්නෙ එහෙම. ගලායන කාව්‍යමය ස්වභාවයක් දරමින් මනස පිරිමදින ජාතියේ සුන්දර සිනමා පැතිකඩක්. මානසික ව නිදහස් වෙන්න ඕනනම් බලන්න හොඳ ම ජාතියෙ සිනමා ප්‍රවර්ගයක් තමයි මලයාලම්.. ඒත්, Oru adaar Love? එලෙස ද? උත්තරය “නැත” .  මා මෙයට ලබාදුන් IMDB තක්සේරුව 2/10 කි. එයින් මා මෙය විඳි ප්‍රමාණය ඔබට වැටහෙනු ඇත.

චිත්‍රපටයේ කතාව දිවෙන්නේ පාසලක් වටා ය. පාසලේ සිසුන් සහ ගුරුවරුන් කියන චරිත කීපයක් වටා ඔහේ ගොඩනැගූ කතාවකි. කිසිඳු පාලනයක් නැතිව ඔහේ ගලන් යන ප්‍රාථමික මට්ටමේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයට ඇසට ප්‍රිය වර්ණ එක්කිරීම නම් සිදු කර ඇත. නමුත් එහි වටිනාකම පිළිබිඹු වන්නට නම් චිත්‍රපටයද වර්ණවත් විය යුතු ව තිබුණි. නමුත් අහන් ඉන්න පුළුවන් ජාතියේ ගීතයක් නම් ඇසීමට ලද්දෙමි. සංගීතය පැත්තෙන් වුව කියන්නට තරම් දෙයක් කර නැත.

සියළු අංශවලින් අඩු වැඩි වශයෙන් අනාගන්නා ලද කෑවොත් බඩේ අමාරුව හැදෙන කොත්තු රොටියක් යැයි කීවාට පාඩුවක් නැත. නමුත් මෙම කතා තේමාව ඔස්සේම වඩා සෞඛ්‍යාරක්ෂිත කොත්තු සාදනු අප දැක ඇත. ඒවා කා ත්  ඇත. මා මේ සටහන ලියන්නේ oru adaar love කොත්තුව කා වැසිකිලියේ සිට ය..

චිත්‍රපටයේ දර්ශන

මෙහි පෙන්වන අන්දමට ශිෂ්‍යන් ට සහ ශිෂ්‍යාවන්ට පාසල් තිබෙන්නේ ලව් කරන්න උන් හොයාගන්නට ය. පාසලේ ප්‍රධාන පරමාර්ථය එය ය. අනෙක් අතට ගුරුවරු ය. මෙයට අනුව ගුරුවරු යනු උගන්නන්නට නොදන්නා පිරිසකි. පම්පෝරි පමණක් ඇති පිරිසකි. විෂය කරුණක්වත් හරියට නොදන්නා පිරිසකි. කොටින් ම නාට්‍යයක දෙබසක්වත් කියාගන්න බැරි මන්ද මානසික ජීව කොට්ඨාසයකි. ( බලා තේරුම් ගන්න) අනෙක ගුරුවරු කියන ජාතියට මෙලෝ කශේරුකාවක් නැත. ශිෂයන්ට පවා බිය ජාතියකි. Oru adaar love කියන විදියට ගුරුවරු යනු එබඳු ජාතියකි. ජෝකර් ලා වැන්නවුන් කොට්ටාසයකි. සිසුන් යනු මහ එවුන් ය. උන්ට අඩුව ඇත්තේ කසාදයක් පමණි.

කතාව හෙන විදග්ධ මට්ටමේ යැයි පෙන්වීමට මැද හරියේ බලෙන් ඔබ්බවාගන්නා මැර චරිත , අමු ගොං අවසානයක් සඳහා අධ්‍යක්ෂවරයා යොදාගන්නට දරන උත්සාහය හාස්‍යජනක ය. අපට එම මැර චරිත අමතක ම වන තෙක් කතාව ගෙනගොස් අවසානයේ ඔවුන් ව එකවර අනපේක්ෂිතව මතු කරයි. සමහරවිට අධ්‍යක්ෂක තැන , එය දැක අප කුල්මත් වේ යැයි, පුදුම වේ යැයි, උද්දාමයට පත් වේයැයි, ඔහු ජීනියස් යැයි සිතනු ඇතැයි සිතන්නට ඇත.

එහෙත් අධ්‍යක්ෂකතුමනි එසේ නැත. සියළු අතින් අසාර්ථක සිනමා නිර්මාණයක් මා අමාරුවෙන් බලා නිම කරන්නේ “හයියෝ ඩේටා” සංකල්පය මුදුන්පත් වූ නිසාවෙන් ම පමණි.

අප බලාපොරොත්තු වන ආදර කතාවත් 180° ක් ආපස්සට හරවමින් යොවුන් ආදරයේ අස්ථිර බව,ඒ නරක වයසේ හැඟීම් ඇතිවන නැතිවන වේගය ගැන යම් යතාර්ථයක් හුවා දක්වා ඇත. නමුත් එය අඩුපාඩු වැසී යාමට ප්‍රමාණවත් නොවේ..

නළුවන් සහ නිළියන් ට රඟපානවාට වඩා දක්ශතාවයක් උකුළු මුකුළු ඇස් නැටවිලි ආදියට ඇති බව මනාව ප්‍රත්‍යක්ශ කර ඇත. කොටින් ම කියතොත් හිතා මතා ම රංගනයට වඩා එව්වාට අවධානයක් දී ඇත.

ජනප්‍රිය වූ දර්ශන

ඉතින් මිත්‍රවරුණි කිතුල් ය. කීමට තවත් යමක් නොමැත..

කොත්තුවකි. නමුත් කොතරම් ජරා කොත්තුවක් කෑවත් බඩේ අමාරු නොසෑදෙන උනුත් ඇත. ඒත් ජරා කොත්තුවක් දැක්කත් අජීර්ණය වන උන් ට මෙය නිර්දේශ නොකරමි. “අජීර්ණය උනත් මොකද කොත්තුවක් කාලා නේ ” කියල හිතනවුන් බැලුවාට කම් නැත. දැන් මා නම් වැසිකිලියෙන් එලියට එන කාලය ය

ස්තූතියි !

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි