නාට්‍යමය (Movies)වෙනත් (Movies)

මුදල්, ජනමාධ්‍යය හා දේශපාලන ලෝකය

Review - Lucifer මලයාලම් චිත්‍රපටය (Spoiler Alert)

කව්ද මේ Lucifer කියලා කියන්නේ ??
Lucifer චිත්‍රපටයේ දර්ශනයක්
Lucifer කියලා කියන්නේ යක්ෂයා ට කියන තවත් නමක්. බයිබලය සඳහන් කරන පරිදි Lucifer කියන නමින් සංකේතවත් කරන්නේ මෙලොව තුළ පවතින අපේ පියවි ඇසට නොපෙනෙන අයහපත නැත්නම් නපුර යි. නපුරෙ හි ප්‍රභේද යන් 2කි. නපුර වැඩි පැත්ත සහ නපුර අඩු පැත්තයි. නපුර අඩු පැත්ත යහපතට ළං වන අතර නපුර වැඩි පැත්ත ළං වනුයේ අයහපත ටය.

Lucifer චිත්‍රපටය ඇසුරින් සාකච්ඡාවට භාජනය වන්නේ දේශපාලන රංග භූමිය පිළිබඳ වයි. ඔව් එය රංග භූමිය කි. එහි සිදුවන්නා වූ යථාර්ථය න් සමහරවිට ආසන්නතම හේතුව කි, විටෙක ජීවිත කැපකිරීමකි, විටෙක ද්‍රෝහිත්වය කි, තවත් විටෙක ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වූවකි. ඒ අනුව බලන කල Lucifer චිත්‍රපටය
අයත් වන්නේ දේශපාලන – ත්‍රිලර් ශානරයට යි.
Lucifer චිත්‍රපටයේ දර්ශනයක්
දුෂ්ඨයා සහ වීරයාගේ භූමිකාව…

චිත්‍රපටය තුළ දුෂ්ඨයා හට වෙන් වූ වපසරිය සතුටුදායක මට්ටමක නැත. දුෂ්ඨයා ඉස්මතු වීම ම ඉතා අඩු මට්ටමක පැවතියේ ය. ඒ හේතුවෙන් ම අවසානයේ කෙසේ වේවිද යන්න අනුමාන කළ හැකි විය.  දුෂ්ඨයා ගේ ග්‍රහණය ට නතුවන වීරයා නැවත නිදහස් වන්නේ ද දුෂ්ඨයා ට ඇති අවසන් තුරුම්පුව ද භාවිතා කිරීමෙනි. එහෙත් ඒ වනවිට ත් වීරයා සතුව තුරුම්පු රාශියක් පැවතියේය. නමුදු ඔහු කිසිවිටෙකත් කලබල නොවීය. කල් යල් බලා තුරුම්පු සියල්ලම ඔහු ඇදීමට පටන් ගත්තේ ය.

දේශපාලන ය නම් වූ මාතෘකාව ඕනෑම තැනකට ඇති පදමට ලුණු ඇඹුල් ඇතිව සාකච්ඡා කළ හැකි අන්දමේ එකකි. විටෙක එය ශුභවාදී ආකල්ප ඇති කරවන අතර තවත් විටෙක අශුභවාදී ආකල්ප ඇති කරවීමට සමත් වෙයි. දේශපාලනය යන වචනය සමඟ එකට බැඳුනු තවත් වචන දෙකකි. ඒ නම් මුදල් සහ ජනමාධ්‍ය යි. දේශපාලන ය සඳහා මූල්‍යමය අරමුදල් අවශ්‍ය වේ. දේශපාලනය සඳහා ජනතාව අතරට යාමට ජනමාධ්‍ය අවශ්‍ය වේ. දේශපාලනය බයිසිකලයක් ලෙස සැලකුවහොත් එය නොවැටී රඳවා තබා ගැනීමට පදවාගෙන යා යුතු වේ. බයිසිකලයේ පසුපස රෝදය මූල්‍යමය අරමුදල් වේ. ඉදිරිපස රෝදය ජනමාධ්‍ය වේ. බයිසිකලය ඉදිරියට චලනය වීමට පසුපස රෝදය ප්‍රථමයෙන් චලනය විය යුතු ය. ඉන් අනතුරුව යි ඉදිරිපස රෝදය චලනය වී මුළු බයිසිකල යම චලනය වීමට ආරම්භ වන්නේ.  දැන් ඔබ කල්පනා කරනවා ඇති එතකොට ‘ ජනතාව ‘ නැමැති වචනයේ අවශ්‍යතාවය ගැන. ජනතාව නැමැති වචනයේ කොටස් 2කි. පොදු මහජනතාව සහ දේශපාලන අතකොළු බවට පත්ව ඇති ජනතාව යි. දේශපාලන අතකොළු බවට පත් ව ඇති ජනතාව තුළින් මැරබලය ස්ථාපිත වන ආකාරය Lucifer චිත්‍රපටය හරහා මනා ලෙස දැකගත හැකි වේ. එහිදී බොහෝ විට සිදුවන්නේ වාසි පිලට හෝයියා කීම යි.

Lucifer චිත්‍රපටයේ දර්ශනයක්

කිසියම් දේශයක වේවා, රටක් වේවා, රාජ්‍යයක වේවා, නගරය ක වේවා පාලනය කරනු ලබන්නේ ජනතා කැමැත්තෙන් තෝරා පත් කරගනු ලබන ජනතා නියෝජිතයන් මගිනි. ජනතා පරමාධිපත්‍යය බලය එතරම් බලවත් ය. වර්තමාන ලෝකයේ ජනප්‍රසාදය ලබා ගැනීම තරම් පාලකයෙකු ට ලබා ගත හැකි වෙනත් විජයග්රහණය ක්  නොමැත. ජනතාව සිය ජීවන තත්වය වැඩිදියුණු කරගැනීම හා තමන්ගේ ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමේ අරමුණින් සිය කැමැත්ත / ඡන්දය භාවිතා කිරීමට දෙවරක් නොසිතයි. ඒ ජනතාව ගේ ස්වභාවය යි. ඔවුන් ට අවශ්‍ය වන්නේ තම සුඛ විහරණය වඩාත් යහපත් වීම යි. එතනින් එහාට ඔවුන් හට අවශ්‍ය වන්නේ නිදහසේ දිවි ගෙවීමට පමණි.

අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.
Lucifer මලයාලම් චිත්‍රපටය ඇසුරිනි.
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි